(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 04 පෙරවරු 10.48ට)
සංගමන් කන්ද සිට නාවික සැතපුම් 38ක දුරකින් වූ මුහුදේ දී සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාව හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ ඉන්දීය නාවික හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
නාවික හමුදාවේ සහයට තවත් රටවල් සහ සමාගම් කිහිපයකට අයත් නෞකා ද යොදවා ඇති බව ද වාර්තා වේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගිනි ගනිමින් තිබෙන MT New Diamond තෙල් නෞකාවේ බොයිලේරුවේ සේවය කළ පිලිපීන ජාතිකයෙකු මියගොස් ඇති බවට වාර්තා වන බවයි.
නෞකාව ධාවනය කිරීම සඳහා යොදා ගැනෙන ඩීසල් ලීටර් මෙට්‍රික් ටොන් 1,700ක් සහ ප්‍රවාහනය කරමින් සිටි බොරතෙල් ලීටර් මෙට්‍රික් ටොන් 270,000ක පමණ ඉන්ධන ප්‍රමාණයක් නෞකාව තුළ පවතී.
යම් හෙයකින් මෙම නෞකාව පිපිරීමකට ලක්වුවහොත් ඉන් සිදුවිය හැකි හානිය අති විශාල බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.
සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර වැඩිදුරටත් සඳහන් කළේ, ගින්න ඇති වීමෙන් පසු සිදුවූ පිපිරීම් කිහිපයක් සමග නෞකා බඳෙහි ඉරිතැලීම් කිහිපයක් නිරීක්ෂණය වන බවයි. එහෙත් තවමත් තෙල් විසිරීමක් පිළිබඳ වාර්තා වී නොමැති බව ද ඔහු සඳහන් කළා.
අනතුරට ලක්වන අවස්ථාවේ නාවික සැතපුම් 38ක දුරින් පැවති නෞකාව කාලයත් සමග වෙරළට ළඟා වෙනු ඇතැයි අනුමාන කරන බව ද සාමාන්‍යාධීකාරිවරයා පවසනවා. මේ වන විටත් අදාළ නැව සංගමන්කන්දට උතුරින් නාවික සැතපුම් 25ක් පමණ වන තෙක් නාවික සැතපුම් 13ක් වෙරළ දෙසට ඇඳී ඇති බව ද ඔහු අනාවරණය කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ සමුද්‍රීය ආරක්ෂක අධිකාරියේ සාමාන්‍යාධීකාරිවරයා මෙසේ ද කියා සිටියා.
“මේ නැව ඇතුළේ කුඩා පිපිරීම් කිහිපයක් වාර්තා වී තියෙනවා. ඒ වගේම නැවේ බදේ මේ වන විට ඉරිතැලීම් කිහිපයක් වාර්තා වෙමින් පවතිනවා. කෙසේ හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අනුව අපට දැන ගැනීමට ලැබී තිබෙනවා, මේ අනුව අපි අනුමාන කරනවා තෙල් පිපිරීමක් ඕනෑම වේලාවක සිදුවිය හැකි බව.
යම් හෙයකින් මෙයින් තෙල් විසිරීමක් සිදුවුවහොත් කල්කුඩා, පාසිකුඩා හා ආරුගම්බේ ප්‍රදේශයට හානි වෙන්න පුළුවන්. තෙල් ඉහළ පැත්තට ගියොත් වාකරේ ප්‍රදේශයට හා ත්‍රීකුණාමලයේ පිජන් දූපත්වලට හානියක් විය හැකියි. ඊට අමතරව තෙල් පහළට ආවොත් අනිවාර්යයෙන්ම කිරින්ද ප්‍රදේශය දක්වා ම පැතිර යා හැකියි. වර්තමානය වෙද්දි එවැනි දෙයක් මෙතෙක් වාර්තා වෙන්නේ නෑ. නමුත් රටක් විදියට එවැනි දෙයක් වුනොත් මුණදීමට කළ හැකි සියලු දේ අනුගමනය කරමින් ඉන්නවා“ යැයි ද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසීය.
බොරතෙල් ටොන් ලක්ෂ 2ක් ප්‍රවාහනය කරමින් ශ්‍රී ලංකාව අසලින් ගමන් කළ ඩයමන්ඩ් නෞකාවේ ගින්නක්

