දේශීය පුවත්

ආනවිළුන්දාව ඩෝසර් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 04 පස්වරු 08.36ට)

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් ඉඩමක් අනවසරයෙන් එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් දෙදෙනා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, හලාවත ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මංජුල රත්නායකගේ නියෝගයකට අනුවයි.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ආනවිළුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කර ඉස්සන් ගොවිපළ සකස් කිරීම සදහා අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයා සහ එම භූමිය සකස් කළ බැකෝ යන්ත‍්‍රකරුවා යන පුද්ගලයින් ය.

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් ඉඩමක් පසුගිය අගෝස්තු 25 වන දින රාත්‍රියේ අනවසරයෙන් එළි පෙහෙළි කිරීමේ සිද්ධියට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයෙක් හා අභය භූමියට අයත් ඉඩම එළිපෙහෙළි කිරීම සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රය හා රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩිදුර කියවන්න

ආනවිළුන්දාව ඩෝසර් කිරීම; ප්‍රබල දේශපාලකයෙකුගේ සොයුරෙක් ගැන බුද්ධි අංශ සොයයි

Rivira FB Group Rivira Youtube
To Top