,
News

ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව පාලනය කළ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය පවසයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 04 ‍පස්වරු 10.36ට)

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවූ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය නිවේදනය කර සිටිනවා. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර තිබෙනවා.

ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ අද රාත්‍රී 7.00 පමණ වන විට MT New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි.

ගිනි ගත් ඉන්ධන නෞකාව ගොඩබිම දෙසට ඇදී ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය නිකුත් කළ ට්විටර් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top