,
Covid-19

ශ්‍රී ලංකාවේ දී කොරෝනා ආසාදිත වී රෝහල්ගතව සිටින්නේ 13 දෙනෙකු පමණයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 05 ‍පස්වරු 12.34ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 04 සිකුරාදා පස්වරු 06.30 වන විට 3,115ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ශ්‍රී ලංකාව තුළ දී ආසාදිත වූ පිරිස 1,903ක් වන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් කොටස් 3ක් යටතේ බෙදා වෙන්කර ඇත.

  • නාවික හමුදා පොකුර – 950
  • කන්දකාඩු පොකුර – 640
  • වෙනත් – 313

මෙහිදී නාවික හමුදා පොකුර සහ අටළුගම, බණ්ඩාරනායක වැනි කුඩා පොකුරු වෙනත් ලෙස ද වෙන් කර ඇති අතර එම සියලු පොකුරු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇත.

තවමත් සක්‍රීය ආසාදිතයින් සිටින්නේ අවසන් පොකුර වන කන්දකාඩු ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත කොරෝනා පොකුර වන අතර කන්දකාඩු පොකුරට අදාළව මේ වන විට සමස්ත ආසාදිතයින් 640 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 627 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දී ආසාදිත වී තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 13 දෙනෙකු පමණ යි.

  • පුනරුත්ථාපනය වන රැඳවියන් – 519
  • කාර්ය මණ්ඩලය – 67
  • ආරාධිත කාර්ය මණ්ඩලය – 05
  • කාර්ය මණ්ඩලය ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 48
  • වැලිකඩ රැඳවියාගේ ආශ්‍රිතයින් – 01

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ දී ආසාදනය වූවන් 1,903 අතරින් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 13 දෙනෙකු පමණි.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් 3,115න් මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,907කි. සමස්ත ආසාදිතයින් අතුරින් 12 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 196ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top