අපරාධ වාර්තා

සපුගස්කන්දට කුඩු කිලෝ 23 ගෙනා CCD පොලිස් කොස්තාපල් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 06 පෙරවරු 11.10ට)

ගම්පහ දිස්ත්‍රික්කයේ, සපුගස්කන්ද ප්‍රදේශයේ දී පසුගිය සැප්තැම්බර් 02 සොයාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 23 සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ පරීක්ෂණ සඳහා පොලීසියට අවශ්‍ය වූ කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) අනියුක්ත පොලිස් කොස්තාපල්වරයා සැප්තැම්බර් 05 දින ඉන්දියාවේ තමිල්නාඩු හී දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදීප් කුමාර බණ්ඩාරනායක නැමැති 30 හැවිරිදි අදාළ පුද්ගලයා මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු පොලීසියෙන් පළා යාමට උත්සාහ කොට ඇති අතර එහිදී ඉන්දීය නාවික හමුදා පොලිසීය අදාළ පුද්ලයාව නැවතත් අත්අඩංගුවට ගෙන රාමේෂ්වරන් මැරීන් පොලිස්ථානය වෙත බාර දී තිබෙනවා. මේ වන විට එම සැකකරු ධනුෂ්කොඩි පොලිස්ථානයේ රඳවා තිබෙනවා.

ඉන්දීය පොලිසීය වෙත ලැබුණු ජාවාරම් පිළිබඳ තොරතුරක් මත කළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල් ප්‍රදීප් කුමාර, ශ්‍රී ලංකාවේ මොණරගල දිස්ත්‍රික්කයේ පදිංචි අයෙකු වන අතර පසුගිය දා අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 23 සපුගස්කන්ද ප්‍රදේශයට රැගෙන ගොස් ඇති පුද්ගලයා බව පොලීසිය සැක කරයි.

එම ස්ථානයේ දී එම හෙරොයින් සමග අත්අඩංගුවටගනු ලැබුවේ ඔහුගේ සහෝදරයා වන අතර ඔහුට එම මත්ද්‍රව්‍ය තොගය ලැබුණේ පොලීසියේ සේවය කරන සිය සහෝදරයා මාර්ගයෙන් බව ද අනාවරණය වී තිබුණි.

හෙරොයින් කිලෝ 23ක් කිරිබත්ගොඩින් අල්ලයි

Rivira FB Group Rivira Youtube
To Top