කාලගුණ

මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්, දිවයින තුළ වැසි තත්වය වර්ධනය වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 06 පස්වරු 02.13ට)

දිවයින වටා මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ක් දක්වා ඉහළ යා හැකි බැවින් සැපැත්ම්බර් 06 පෙරවරු 9 සිට සැප්තැම්බර් 07 පස්වරු 12 දක්වා කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මේ අතර දිවයින අභ්‍යන්තරයේ ද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් සැප්තැම්බර් 06 දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ඒ අනුව බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාරත්මේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් හා දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම සැප්තැබර් 06 දින දහවල් 12:09ට බෙන්තොට, මීගම, දොඩම්පපිටිය පැලවත්ත, බොඩගම සහ කතරගම ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පැවතීම ඊට හේතුවයි.

Rivira FB Group Rivira Youtube
To Top