,
News

තෙල් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාපති

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 06 පස්වරු 07.22ට)

සන්ගමන්කන්දට නැගෙනහිරින් වූ මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සඳහන් කළා.

සැප්තැම්බර් 06 දින පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාවික හමුදාපතිවරයා සඳහන් කර සිටියේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකිවුවද නිව් ඩයමන්ඩ් නෞකාව ස්ථානගත කර ඇති ස්ථානයේ උෂ්ණත්වය මත නැවතත් ගින්න ඇතිවීමේ අවදානමක් ද ඇති බවයි.

මේ අතර නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීම සහ මතුවීමට නියමිත ගැටළුවලදී ගත යුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, ජනාධිපති අතිරේක ලේකම්, රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේ එම රැස්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා, වෙළෙඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය ඇතුළු නිලධාරීන් පිරිසක් ඊට සහභාගී වූ බවයි.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top