බස්නාහිර පළාතේ විශේෂ සෝදිසි මෙහෙයුමක්
(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 07 පෙරවරු 11.00)
බස්නාහිර පළාත තුළ සැප්තැම්බර් 06 වන දින උදෑසන 6 සිට සවස 6 දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
එහිදී වරෙන්තු සැකකරුවන් 519 දෙනෙක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 73ක් හා දූෂණ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 637ක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මේ අතර, සිදුකර ඇති හෙරොයින් වැටලීම් අතර, බොරලැස්ගමුවේ දී හෙරොයින් ග්‍රෑම් 63යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. අඟුලාන පොලීසිය විසින් හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 180ක් සමග සැකකරුවෙක් හා ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 740ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.