කොවිඩ්-19

කොරෝනාවලින් ඉන්දියාව ලොව දෙවැනි තැනට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 07 පෙරවරු 11.33ට)

ලොව වැඩිම කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වි ඇති රටවල් අතර ඉන්දියාව මේ වන විට දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා. ඒ, බ්‍රසීලය පසු කරමින් ය. මේ වන විට, ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 4,204,613ක් වේ. එමෙන්ම, බ්‍රසීලයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 4,137,606ක් වේ.

තවද, පිට පිට දෙවැනි දිනයටත් ඉන්දියාවෙන් එක් දිනකදි වාර්තා වූ ආසාදිතයින් ගණන 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන ඒ අනුව, 91,723කි. ගත වූ පැය 24 තුළ දී බ්‍රසීලයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 14,606ක් පමණි.

ඉන්දියාවේ මේ වන විට වෛරසය හේතුවෙන් පුද්ගලයින් 71,687 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3,247,297 දෙනෙකු සුවය ලබා තිබෙන අතර 883,578 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි. බ්‍රසීලයේ වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 126,686ක් වේ. එරටින් වාර්තා වූ ආසාදිතයින්ගෙන්3,317,227 දෙනෙකු සුවය ලබා ඇති අතර 693,693 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වූ ඇමරිකා එක්සත් ජනපදයෙන් ගත වූ පැය 24 තුළ දී වාර්තා වූ ආසාදිතයින් ගණන 31,110කි. එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 64 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම, වෛරසය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලයින් 193,250 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

සිව් වන ස්ථානයේ පසුවන රුසියාවෙන් වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබුණ ද ගත වූ පැය 24 තුළ දී ද ආසාදිතයින් 5195 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රුසියාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 1,025,505 ක් වේ. එයින් 840,949 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත්166,736 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි. ජීවිතක්ෂයට පත් වූ ගණන 17,820කි.

මේ වන විට ලොව පුරා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 27,293,825 වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 887,550ක්වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top