කොවිඩ්-19

නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 07 පස්වරු 01.53ට)

ඩුබායි සිට පසුගිය සැප්තැම්බර් 01 වන දින දිවයිනට පැමිණ නුවරඑළියේ තරු පහේ සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටින අතරතුර දී නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ ජා-ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුබ්‍රමනියම් ආනන්දකුමාර් නමැති 56 හැවිරිදි එක්දරු පියෙකි. ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් භාරයේ නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සිටියදි කොවිඩ්-19 වෛසරය පැතිර යාමේ අවධානමට පෙර මොහු රැකියාවෙන් ඉවත් වි දිවයිනට පැමිණිමේ අපෙක්ෂාවෙන් ඩුබායි රාජ්‍යයේ රැදි සිට ඇත. පසුව, සැප්තැම්බර් 01 වෙනිදා දින දිවයිනට පැමිණ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි තිබෙනවා.

මෙම පුද්ගලයා හෘදයාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙළුණු අයෙකු බවත් ඔහු දිවයිනට පැමිණිමට ප්‍රථම ඔහුගේ පාදයක තිබු තුවාලයකට විෂබිජ ඇතුල් විම නිසා සැප්තැම්බර් 07 වන දින නුවරඑලිය මහ රෝහල වෙත ඇතුළත් කර සිටිය දී ජිවිතක්ෂයට පත් වී ඇත.

මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු පවුලේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 07 දින නුවරඑළිය නාගරික ආදහනාගාරයේදි කොවිඩ්- 19 වැළඳුණු රෝගියෙකු ආදහනය කරන ක්‍රියාපටිපාටියට අනුකූලව නුවරඑලිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් දින සිදුකරනු ලැබිය.

Rivira FB Group Rivira Youtube
To Top