,
News

රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 07 පස්වරු 03.11ට)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් මස 29 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය සැප්තැම්බර් 07 වන සඳුදා දින සිතාසි නිකුත් කරනු ලැබ තිබෙනවා.

මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිෂන් සභාව විසින් රාජිත සේනාරත්නට එරෙහිව දූෂණය නැමැති වරද කර ඇති බවට වන නඩුවක් සම්බන්ධයෙන් ය.

රාජිත සේනාරත්න, 2014 වර්ෂයේ ධීවර අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ අවස්ථාවේ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූකේ නැමැති සමාගමට අඩු මුදලකට බදු දීමේදී දූෂණය නැමැති වරද කර ඇති බවට අල්ලස් කොමිෂන් සභාව චෝදනා කරයි. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න , ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එම සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂක නීල් රවින්ද්‍ර මුනසිංහ මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන ලදී.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top