,
News

ප්‍රේමලාල් ජයසේකර හෙට පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 07 පස්වරු 8.37ට)

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර සැප්තැම්බර් 08 වන අඟහරුවාදා දින මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

ඒ, ඔහුට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නීතිමය බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය සැප්තැම්බර් 07 වන දින ලබාදුන් නියෝගයක් සමඟයි. ඒ අනුව, සැප්තැම්බර් 08 වන දින පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කරයි.

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් සැප්තැම්බර් 07 වනි දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ප්‍රේමලාල් ජයසේකර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන පුද්ගලයින්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබීය

වැඩිදුර කියවන්න

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top