,
News

ශ්‍රී ලංකාව තුළ ‘ගව ඝාතනය’ තහනම් කිරීමට අගමැතිගෙන් යෝජනාවක්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 08 පස්වරු 03.30ට)

ශ්‍රී ලංකාව තුළ ගවයින් ඝාතනය කිරීම තහනම් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

සැප්තැම්බර් 08 දින පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ඊට අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් එම තහනම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන අතර පරිභෝජනය සඳහා අවශ්‍ය ගවමස් ආනයනය කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව ද සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ තොරතුරු සමාජ ජාල ඔස්සේ වාර්තා වීමත් සමග විශාල පිරිසක් එම තීරණය අගය කරමින් සටහන් තබා ඇති බව නිරීක්ෂණය වේ.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top