,
News

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කලගෙඩිහේන ප්‍රදේශයෙන් අවහිර වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 09 පෙරවරු 10.41ට)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ සැප්තැම්බර් 09 පෙරවරුවේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් (ප්‍රයිම් මුවර් රථයක්) මාර්ගය හරහා පෙරළී යාමෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇති බවයි. මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී යාමෙන් පසු එම ස්ථානයේ පසෙකින් සැහැල්ලු වාහන සඳහා ගමන් කළ හැකි වුවද බරවාහන ගමන් කිරීමට එම ස්ථානයේ ඉඩ නොමැති බැවින් විශාල රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තාකරුවන් සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ රථය මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් පවතින බව ද පොලීසිය සඳහන් කළා. මාර්ගයේ විදුලි කණුවකට ද අලාභහානි සිදුවී ඇති අතර වර්ෂාව සමග රථය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top