ක්‍රීඩා

තත්පර 10.16කින් මීටර් 100 අවසන් කරමින් යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 09 පස්වරු 12.02ට)

ජර්මනියේ ඩෙසාවෝ හි පැවති මලල ක්‍රීඩා තරඟයකදී මීටර් 100 පිරිමි ඉසව්වෙන් කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ දකුණු ආසියා වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.

ඒ ඔහු තත්පර 10.16 කින් මීටර් 100 තරගය නිමකරමින් පළමු ස්ථානයට පත් වීමත් සමගයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කිව්වේ හිමාෂ ඊෂාන් වන අතර ඔහු මීටර් 100 අවසන් කිරීමට තත්පර 10.22 ක කාලයක් වාර්තා කළේය.

දැනට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකාවේ පන්නල ප්‍රදේශයේ යුපුන් අබේකෝන් මේ වන විට දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස හඳුනාගත හැකියි.

Rivira FB Group Rivira Youtube
To Top