දේශීය පුවත්

උසස් නිලතල කාරක සභාවට මන්ත්‍රීවරුන් 18ක් පත් කෙරේ

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 10 පෙරවරු 10.54ට)

09 වන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය සඳහා පත්කළ උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සැප්තැම්බර් 08 දින නිවේදනය කළේය.

එම කාරක සභාව සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර රජයේ ඉහළ තනතුරුවලට පත් කිරීමේ දී ඊට පත්කරනු ලබන පුද්ගලයින්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කරනු ලැබීම සහ එම තැනැත්තන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ කර්තව්‍යය වේ.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන අතර සෙසු සාමාජිකයින් වශයෙන්,

  1. චමල් රාජපක්ෂ
  2. නිමල් සිරිපාල ද සිල්වා
  3. දිනේෂ් ගුණවර්ධන
  4. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  5. ඩග්ලස් දේවානන්ද
  6. බන්දුල ගුණවර්ධන
  7. කෙහෙලිය රඹුක්වැල්ල
  8. උදය ගම්මන්පිල
  9. රමේශ් පතිරණ
  10. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
  11. විදුර වික‍්‍රමනායක
  12. ජෝන් සෙනෙවිරත්න
  13. අනුර ප්‍රියදර්ශන
  14. විජිත හේරත්
  15. රිෂාඩ් බදියුදීන්
  16. තලතා අතුකෝරාල
  17. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

අමාත්‍යාංශ ලේකම්වරුන්, විදේශීය දූත මණ්ඩල ප්‍රධානීන් සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලබන තෝරා ගත් සංස්ථාවල සභාපතිවරුන් යනාදී තනතුරු සඳහා තැනැත්තන් පත්කරන ලද්දා වූ හෝ නිලයක් දැරීමට නම් කරන ලද්දා වූ හෝ අවස්ථාවකදී, තෙමසක කාලයක් තුළ ඔවුන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීම මෙම කාරක සභාව මගින් සිදුකළ යුතුය.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සිය කර්තව්‍යය ඉටුකිරීම ලැබීම සඳහා කාරක සභාව ඉදිරියට අදාළ තැනැත්තන් කැඳවා පරීක්ෂා කරනු ලැබීමට ද, යම් ලිපිලේඛන, පොත්, වාර්තා හෝ වෙනත් ලේඛන ගෙන්වා ගෙන පරීක්ෂා කරනු ලැබීමට ද, යම් තැනැත්තකුගේ යෝග්‍යතාව පූර්ණ වශයෙන් පරීක්ෂා කරනු ලැබීම සඳහා අවශ්‍ය විය හැකි සියලු කටයුතු කරනු ලැබීමට ද කාරක සභාවට බලය තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top