(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 10 පස්වරු 12.50ට)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම නීතිඥ වෘත්තියට ද බලපෑම් එල්ල විය හැකි බව පෙනී යන්නේ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා.
සැප්තැම්බර් 07 දිනැතිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අමතා යොමුකළ ලිපියක් මගින් 2021/2022 නීතිඥ සංගමයේ සභාපතිධූරය සඳහා වන නිලවරණයට ඉදිරිපත් වී සිටින අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දෙන්නේ 1978 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භයේ සිටම ජනාධිපතිවරුන් විසින් සිදුකරන ලද ඇතැම් පත් කිරීම්වල නිවැරදිභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී ප්‍රශ්න මතු වීම හේතුවෙන් 2001 වසරේ දී 17 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් ජනාධිපතිවරයාගේ පත් කිරීම් සිදුකිරීමට ඇති බලය කෙරෙහි යම් සංචරණයන් සහ තුලනයන් (checks & balances) ඇකි කිරීමට උත්සාහ ගන්නා ලද බවයි.
යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අන්තර්ගත 35 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවධානය ලක් කළ යුතු කරුණක් ලෙස එකී සංශෝධනය මගින් ජනාධිපතිවරයා සිදුකරනු ලබන ක්‍රියා මෙන්ම නොකර හැරීම් මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අභියෝගයට ලක් කිරීමට ජනතාවට ඇති අවස්ථා අහුරා ඇති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දෙයි.
දැනටමත් පාස්කු ප්‍රහාරයට අදාළව රජයේ නොසැළකිල්ල මත සහ රෝයල් පාක් සිදුවීමට අදාළව ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධ නඩු මගින් හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් සහ නොකර හැරීමක් අධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලයට පාත්‍ර කර ඇති බව පවසන සාලිය පීරිස් පෙන්වා දෙන්නේ එම නඩු අතරින් එක නඩුවක පෙත්සම්කරුවෙකු ලෙසත් අනෙක් නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිටින බවයි.
එබැවින් යෝජිත කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් එහි අන්තර්ගත විනිර්මුක්ති අවස්ථාවේ අර්ථලාභය වර්තමාන ජනාධිපතිවරයාට මෙන්මන ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරුන්ට ද ඒ ආකාරයෙන්ම හිමිවීම මගින් ජනාධිපතිවරයෙකු විසින් සිදුකරන ක්‍රියාවන් සහ පැහැර හැරීම් අභියෝගයට ලක් කිරීමට ජනතාවට ඇති අවස්ථාව අහෝසි වන බව ඔහු පවසයි.
එසේම අධිකරණ සේවා කොමිසම සහ නීතිපතිවරයා සම්බන්ධව යෝජිත ප්‍රතිපාදන සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව ඔහු එම ලිපියෙන් යෝජනා කර තිබෙනවා.
එසේම නීතිඥ සංගමය විසින් අදාළ පනත් කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට යෝජිත බව තමන්ට දැනගැනීමට ලැබී ඇති බව පවසන සාලිය පිරීස් කියා සිටින්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වෙත කරුණු දැක්වීමට හැකිවන සේ තමන් පෙන්වාදුන් කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. එමගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිඥ වෘත්තියට අදාළව වන යෝජිත පනත් කෙටුම්පතට කළහැකි වෙනස්කම් යෝජනා කරන ලෙස ද ඔහු ඉල්ලා සිටී.
එසේම අදාළ කෙටුම්පත නීතිගත කිරීමට පෙර එමගින් අධිකරණයට සහ නීතිඥ වෘත්තියට බලපෑම් ඇති විය හැකි කරුණු පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශවයන් සමග සාකච්ඡා කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලෙස ද සාලිය පීරිස් නීතිඥ සංගමයට යෝජනා කරයි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, මෙවර නීතිඥ සංගමයේ නිලවරණයට ඉදිරිපත් වී සිටින අතර ඔහු යහපාලන රජය සමයේ පිහිට වූ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ පළමු සහ එකම සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය යනු යුධ අපරාධ විමර්ශන යාන්ත්‍රණයේ එක් කොටසක් ලෙස පිහිට වූ ආයතනයක් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එය පිහිට වූ අවස්ථාවේ දී ම චෝදනා කර සිටියේ ය.

