(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 11 පස්වරු 02.24ට)
ගිනි ගැනීමට ලක් වූ “MT New Diamond“ තෙල් නෞකාවේ කපිතාන්වරයා සැප්තැම්බර් 11 දින ගොඩ බිම වෙත රැගෙන එනු ලැබුවා.
නෞකාවේ ගින්න පාලනයට එක් වූ ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක රඳවාගෙන සිටි MT New Diamond නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන්වරයා, නාවික හමුදාව විසින් කල්මුණේ ප්‍රදේශයෙන් ගොඩ බිම වෙත රැගෙනවිත් තිබෙනවා.
කෙසේ වෙතත් දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් කපිතාන්වරයාව ගාල්ල ප්‍රදේශයේ ආරක්ෂිත නිවස්නයක් වෙත යොමු කරන ලද බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
තෙල් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාපති
ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව පාලනය කළ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය පවසයි
තෙල් නැවේ සේවකයෙකු මරුට, තෙල් විසුරුනොත් ලංකා වෙරළ තීරයට දැඩි හානි
බොරතෙල් ටොන් ලක්ෂ 2ක් ප්‍රවාහනය කරමින් ශ්‍රී ලංකාව අසලින් ගමන් කළ ඩයමන්ඩ් නෞකාවේ ගින්නක්

