(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 11 පස්වරු 06.45ට)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අපොහොසත් වුවහොත්
සති දෙකක් ඇතුළත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සැප්තැම්බර් 11 දින කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය හා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමෙහි ලා පූර්ණ බලය ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වන විට එම කාර්යෙහි අසමත්ව ඇති බවයි. වෛද්‍ය සභාව දේශපාලනීකරණය කිරීමට ලක් කළ එකම අමාත්‍යවරයා රාජිත සේනාරත්න බව ද එම මාධ්‍ය හමුවේ දී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
කෙසේ වෙතත් අදාළ ගැටළු නිරාකරණය කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිසි පරිදි කටයුුතු කිරීමට අපොහොසත් වුවහොත් සැප්තැම්බර් 21 දිනෙන් ආරම්භ වන සතිය තුළ දීප ව්‍යාප්ථ වැඩ වර්ජනයකට යාමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව සැප්තැම්බර් 10 දින රැස්වූ බවත් එහිදී එම තීරණයට එළඹුණු බවත් එම සංගමය සඳහන් කළා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, වසර 90ක කාලයක් ස්වාධීනව පැවති ආයතනයක් බව ද ඔවුන් සඳහන් කළා.

