(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 11 පස්වරු 11.11ට)
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දී තිබෙනවා.
සැප්තැම්බර් 11 දින පෙරවරු 09.30ට පමණ එම පොලිස් ඒකකය වෙත පැමිණි රාජිත සේනාරත්න ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තමන් ත්‍රස්තවාදය පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කළ බවයි.
එසේම මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා වෙත තමන් ඇඟිල්ල දික් නොකරන බවයි. එහෙත් ඔහු දැනුවත්ව සිටි බවට විශ්වාස කළ හැකි තොරතුරු ආරක්ෂක අංශවලින් ප්‍රකාශ වී ඇති බව ද වැඩිදුරටත් කියා සිටියා.

