(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 11 පස්වරු 11.21ට)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති විශේෂ ගණයේ අපරාධකරුවන් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අතරට අයත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් සැප්තැම්බර් 11 දින රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.
සැප්තැම්බර් 10 දින ආරම්භ කළ එම ආහාර වර්ජනයෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් ඉවත්වී ආහාර ලබාගන්නා බව ද බන්ධනාගාර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කංජිපානි ඉම්රාන්, කැවුමා, වෙලේසුදා, සුසෙයි හා ජවුසන් ඇතුළු අපරාධකරුවන්
පිරිසක් මේ වන විටත් ආහාර වර්ජනයේ යෙදී සිටින බව ද ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත් බූස්ස නාවික හමුදා රෝහලට රැගෙන ආ කංජිපානි ඉම්රාන් ඊ.සී.ජී. පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව යළිත් බන්ධනාගාරය වෙත යොමු කර තිබෙනවා.

