ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

20 වන සංශෝධනය අධ්‍යයනය කිරීමට නීතිඥ සංගමයෙනුත් කමිටුවක්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 12 පෙරවරු 11.14ට)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති නීතිඥවරුන් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්නගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව සහ නිර්දේශ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ, නීති කවුන්සිලය වෙත විසින් ඉදිරිපත් කරනු ලබන බව නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

එම කමිටුව මෙසේය.

  1. ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න - සභාපති
  2. ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්
  3. ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්
  4. ජනාධිපති නීතිඥ එල්.එම්.කේ. අරුලානන්දම්
  5. ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස්
  6. ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන
  7. ජනාධිපති නීතිඥ නාලින් ලද්දුවහෙට්ටි
  8. ජනාධිපති නීතිඥ මෛත්‍රි වික්‍රමසිංහ
  9. ජනාධිපති නීතිඥ උදිතා එගලහේවා
  10. ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ
  11. ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්
  12. ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනගා
  13. ජනාධිපති නීතිඥ ප්‍රියාල් විජයවීර
  14. ජනාධිපති නීතිඥ මයුරපාද ගුණවංෂ
  15. නීතිඥ රවී අල්ගම - කැඳවුම්කරු
  16. ශාන්ත ජයවර්ධන - කැඳවුම්කරු

වෘත්තීය ආයතනයක් වන නීතිඥ සංගමයට, හැඟීම් මත හෝ දේශපාලන අරමුණු පදනම් කරගෙන තීරණ ගැනීමට නොහැකි බව සටහන් කර ඇති නීතිඥ සංගමයේ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ යෝජිත සියලුම නීති සංශෝධන සමාලෝචනය කළ හැකි ප්‍රවීණ පුද්ගලයින්ගෙන් මෙම කමිටුව සමන්විත වන අතර එහි නිර්දේශ නීතිඥ සංගමයේ හි උත්තරීතර සභාව වන නීති කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලබන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top