දේශීය පුවත්

MT New Diamond නෞකාවෙන් තෙල් කාන්දු වූ විවර දෙකෙන් එකක් වසා දමයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 12 පස්වරු 02.24ට)

සන්ගමන්කන්ද තුඩුවට නැගෙනහිරින් වූ මුහුදේ දී ගිනිගැනීමට ලක්වූ MT New Diamond නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බව පසුගිය දින කිහිපය තුළ නිරීක්ෂණය කර තිබුණි.

ඒ අනුව, නාවික සිදුකළ නිරීක්ෂණයක දී හඳුනාගෙන තිබුණේ මුහුදට කාන්දු වී ඇත්තේ දැවි තෙල් බවයි. ඒ අනුව නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා එම හානිවූ සිදුරු වසා දැමීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් පවසනවා.

මේ අතර නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා සිදුකළ නිරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ නෞකාව තුළට මුහුදු ජලය ලබාගන්නා විවර දෙකකට සම්බන්ධ අභ්‍යන්තර නළ පද්ධතියකට හානිවී ඇති තිබීම හේතුවෙන් මෙලෙස එම තෙල් මුහුදට කාන්දු වන බවයි.

නෞකාවේ පිටුපස ප්‍රදේශයේ වම් පසින් ජල මට්ටමට මීටර් 19.3 ක් පමණ පහලින් හා දකුණු පසින් ජල මට්ටමට මීටර් 16 ක් පමණ පහලින් වූ බඳ කොටසෙන් නෞකාව තුළට මුහුදු ජලය ලබා ගන්නා විවරයන් දෙකකට මෙලෙස හානී වී තිබෙනවා.

එයින් එක් විවරයක් දැනටමත් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර අනෙක් විවරය ද වසා දැමීමට අවශ්‍ය පියවරගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළා.

එසේම මෙම තෙල් කාන්දුව හේතුවෙන් දැනටමත් පරිසර දූෂණයක් සිදුවී ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඔහු කියා සිටියේ නෞකාව ගිනිගත් අවස්ථාවේ සිටම පරිසර දූෂණයක් සිදුවූ බවයි. එසේම මෙම තෙල් කාන්දුව හේතුවෙන් ද අනිවාර්ය ලෙසම පරිසර දූෂණයක් සිදුවන බව ඔහු පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top