,
Environment

වන සතුන් ආරක්ෂා කරන්න නව නීති ඇතුළත් පනතක් සති දෙකකින් පාර්ලිමේන්තුවට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 12 පස්වරු 07.25ට)

වන සතුන් ආරක්ෂා කර ගැනිම සදහා දැඩි දඩුවම් සහිත නව නිති ඇතුළත් පනතක් සති දෙකක් ඇතුලත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි රත්නායක ප්‍රකාශ කරයි.

එමඟින්, සතුන්ට උගුල් අටවා වැරදිකරුවෙකු වුවහොත් සිර දඩුවම් ලබාදී දඩ මුදල් තුන් ගුණයකින් වැඩි කිරීමට සහ වන සතෙකු ඝාතනය කළ හොත් එම වරදකරුගෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කර වසරක සිර දඩුවම් ලබාදීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි. ඊට අමතරව කැලෑ ගිනි තබන පුද්ගලයන්ට වසර 5ක සිර දඩුවම් ලබාදීමට ද නීති සම්පාදනය කරන බව ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සැප්තැම්බර් 12 වන දින දහවල් මාවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශීර්වාද පූජාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ය.

එහිදී අමාත්‍යවරයා, “දැනට තනාපතිවරුන් සමඟ වට දෙකක් පමණ සාකච්ඡා කලා ඔවුන්ගේ උපකාර ලබා ගන්න. වනජිවි අමාත්‍යාංශය තුල රසායනාගාරයක් ඉදි කරන්න, පශු වෛද්‍යවරුන්ව ශක්තිමත් කරමින්, රෝගකාරක හදුනා ගැනිම, ශල්‍ය වෛද්‍යවරුන් බවට ක්‍රියාත්මක කරන්න සහ අලුත් නිති අණ පනත් ගෙන්න අපි සුදානම් වෙනවා.

සතුන්ට මන්දක් අටවා වැරදි කරුවෙක් වුවහොත් සිර දඩුවම් ලබා දි දඩ මුදල් තුන්ගුණයකින් වැඩි කිරිමට, වනසතෙකු ඝාතනය කලහොත් එම වරදකරුට දඩ මුදල රු ලක්ෂයක් දක්වා වැඩි කිරිමට, වසරක සිර දඩුවම් ලබා දිමට, කැලැ ගිනි තියන අයට අවුරුදු 5ක සිර දඩුවම් ලබා දිමට නිතිය ක්‍රියාත්මක කරනවා.

වනජිවි අමාත්‍යාංශයට ගිලන් රථ අවශ්‍ය කරනවා, මොකද කළු කොටියා රැගෙන යන්න ගිලන් රථ තිබුණානම් අපිට එක පැත්තකින් එම සතාව බේර ගන්න තිබුණා. ඒ පහසුකම් අපේ රටේ නොමැති නිසා තමයි අපිට එම සතාව බේර ගන්න බැරි වුණේ. එ නිසා මෙම නිති දණ්ඩ නිති සංග්‍රහයට ඇතුලත් කරලා ක්‍රියාත්මක කරන්න, වන සම්පත ආරක්ෂා කර ගන්න, ගත හැකි සියළුම ක්‍රියාමාර්ග ගන්නවා.

කඩොලාන ශාක , මුහුදු අවට සිටින සතුන් රැකගෙන උද්‍යාන තුළ සිටින සතුන් රැක ගැනිමටත් අවශ්‍ය කටයුතු කරන්න සුදානම් වෙනවා. නව නිති කෙටුම් පත් සකස් කරමින් යනවා ඉදිරි සති දෙක ඇතුළත් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා පර්ලිමේන්තුවේ සම්මත කර ගන්න උත්සහ කරනවා” යැයි පැවසුවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top