(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 12 පස්වරු 07.47ට)
මහනුවර දිස්ත්‍රික්කය තුළ පොළොවෙන් තුන්වැනි වරටත් සෙලවීමක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සැප්තැම්බර් 12 දින සඳහන් කළා.
මෙවර දිගන සහ තෙල්දෙනිය ආශ්‍රිතව සුලු කම්පන තත්වයක් වාර්තා වී තිඛෙන අතර සැප්තැම්බර් 11 දින රාත්‍රී කාලයේ සෙලවීම සිදු වී ඇති බව එම කාර්යංශය සඳහන් කළා.
මෙම කම්පනය පෙර සිදු වූ කම්පන තත්වයන්ට වඩා පහළ මට්ටමේ කම්පන තත්වය බව සඳහන් කළ භූ විද්‍යාඥ උදය ද සිල්වා සඳහන් කළේ එය භූ කම්පන මාපක 4 තුළ ම සටහන් ව ඇති බවයි. එය රික්ටර් මාපකයේ ඒකක 1.79ක කම්පනයක් ලෙස භූ කම්පන මානයේ සටහන්ව ඇති බව ද ඔහු පවසනවා.

