(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 12 පස්වරු 08.02ට)
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ළිමිනි රාජපක්ෂ යුවලගේ පළමු විවාහ සංවත්සරය සැප්තැම්බර් 12 දිනට යෙදී තිබෙනවා.
මේ අතර සැප්තැම්බර් 12 සිය විවාහ සංවත්සර දිනයේ දී ම තමන්ට පුතෙකු ලැබුණ බව ෆේස්බුක් සටහනක් තබමින් නාමල් රාජපක්ෂ පවසනවා.
එම සටහන පහතින්.
“ළිමිනි සහ මගේ පළමු විවාහ සංවත්සරය දිනය වු අද පුත් රුවනක් මෙලොව එළිය දැකීම තරම් ආශීර්වාදයක් තවත් නොමැත. මාගේ ආදරණීය බිරිද ලිමිණි සහ ආදරණීය පුතු නිරෝගීව හා සතුටෙන් සිටින අතර ජිවිතයේ මෙම සන්ධිස්ථාන දෙකම වෙනුවෙන් සුබපැතු සැමට අප තිදෙනාම ස්තූතිවන්ත වනවා.”

