(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 12 පස්වරු 08.27ට)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් සැප්තැම්බර් 12 දින පත් කර තිබෙනවා.
20 වන සංශෝධනය අධ්‍යයනය කිරීමට නීතිඥ සංගමයෙනුත් කමිටුවක්
කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ නීතිය පිළිබඳ මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමතිවරයා යි.
කමිටුව මෙසේය.
අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස්
අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල
අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලී සබ්රි
අමාත්‍ය විමල් වීරවංශ
අමාත්‍ය, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා
රාජ්‍ය අමාත්‍ය, නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන්
පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත
පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ඩිලාන් පෙරේරා
එම කමිටු වාර්තාව සැප්තැම්බර් 15 දින අගමැතිවරයා වෙත බාර දීමට නියමිත බව අගමැති මාධ්‍ය අංශය පවසනවා.

