,
Covid-19

නිරෝධායනය අවසන් කළ පිරිස 40,000 ඉක්මවයි, පීසීආර් ගණන 250,000 ඉක්මවයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 13 ‍පස්වරු 01.19ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 13 ඉරිදා පස්වරු 01.00 වන විට 3,204ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අතරින් ශ්‍රී ලංකාව තුළ දී ආසාදිත වූ පිරිස 1,913ක් වන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් කොටස් 3ක් යටතේ බෙදා වෙන්කර ඇත.

  • නාවික හමුදා පොකුර – 950
  • කන්දකාඩු පොකුර – 650
  • වෙනත් – 313

මෙහිදී නාවික හමුදා පොකුර සහ අටළුගම, බණ්ඩාරනායක වැනි කුඩා පොකුරු වෙනත් ලෙස ද වෙන් කර ඇති අතර එම සියලු පොකුරු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇත.

තවමත් සක්‍රීය ආසාදිතයින් සිටින්නේ අවසන් පොකුර වන කන්දකාඩු ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත කොරෝනා පොකුර වන අතර කන්දකාඩු පොකුරට අදාළව මේ වන විට සමස්ත ආසාදිතයින් 650 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 639 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

  • පුනරුත්ථාපනය වන රැඳවියන් – 529
  • කාර්ය මණ්ඩලය – 67
  • ආරාධිත කාර්ය මණ්ඩලය – 05
  • කාර්ය මණ්ඩලය ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 48
  • වැලිකඩ රැඳවියාගේ ආශ්‍රිතයින් – 01

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ දී ආසාදනය වූවන් 1,913 අතරින් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 11 දෙනෙකු පමණි.

එසේම, මේ වන විට පුද්ගලයින් 40,659 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, මේ වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 57 ක් තුළ පුද්ගලයින් 5,816 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් 3,204න් මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,996කි. සමස්ත ආසාදිතයින් අතුරින් 12 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 196ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 251,792 ප්‍රමාණයක් සිදුකර ඇත.

Rivira Ads
To Top