,
Foreign

ඇමරිකාවේ ගින්නෙන් පුද්ගලයින් 25ක් ජීවිතක්ෂයට

Photo Credit - AP

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 13 ‍පස්වරු 04.30ට)

ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළ තිරයේ පිහිටි ඔරිගන් ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතින ලැව් ගිනි හේතුවෙන් බොහෝ පිරිසක් අතුරුදහන්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම, ඔරිගන්, කැලිෆෝනියා සහ වොෂින්ටන් යන ප්‍රාන්ත වල පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු බලධාරින් සඳහන් කරයි.

ඇතිවී තිබෙන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 40,000ක් ආරක්‍ෂිත ස්ථාන කරා යැවීමට පියවර ගත් බවත් තවත් ලක්ෂ 05 කට ආසන්න ජනතාවක් ඉවත් කර ගැනීමට සිදුව ඇති බවත් ඔරිගන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වන කේට් බ්‍රවුන් ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බටහිර ඇමරිකාවේ මේ වන විට ගිනි ගැනීම් 103ක් වාර්තා වී ඇති බවත් එයින් වනාන්තර අක්කර මිලියන 3.4 ක ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බවත් වාර්තා වේ.

පවතින වියලි කාලගුණය සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් ලැව් ගිනි පාලනය කිරිමට ගිනි නිවීමේ භටයින්ට ඉතා අසිරූ කාර්‍යයක් වී තිබෙන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. ලැව් ගිනි ව්‍යාප්ත වී ඇති බොහෝ නගරවල අහස තැඹිලි පැහැති ස්වරූපයක් ගෙන ඇති අතර අමෙරිකාවේ නගර රැසක වායු දුෂණය ඉහළ ගොස් ඇති බවත් කාලගුණ බලධාරීන් සඳහන් කරයි.

පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් ලැව් ගිනි තත්ත්වයට සමාන අයුරින් ඇමරිකාවේ මේ වන විට විශාල විනාශයක් වෙමින් පවතින බව විද්‍යාඥයින් මත පළ කරයි.

මේ අතර, කැලෑ ගිනි තැබීම සිදුකළ පුද්ගලයෙක් ද ඔරිගන් ප්‍රාන්ත බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව, ගින්න හේතුවෙන් පොර්ට්ලන්ඩ් හි බන්ධනාගාරයක සිටි කාන්තා රැඳවියන් 1,300 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරුකොට යැවීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top