දේශීය පුවත්

බූස්සේ ආහාර වර්ජනයේ යෙදෙන රැඳවියන් ගණන 20ට අඩු වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 13 ‍පස්වරු 05.55ට)

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා තැබෙන විශේෂ අංශයේ රැඳවියන් 45 දෙනා අතරින් මේ වන විට ආහාර වර්ජනයේ යෙදෙන රැඳවියන් ගණන 20 දක්වා අඩු වී ඇති බව බූස්ස බන්ධනාගාර කාර්යාලය සඳහන් කරයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සැප්තැම්බර් 13 වන දින උදෑසන වන විට රැඳවියන් 25 දෙනෙකු වර්ජනයේ යෙදි සිටි නමුත් මේ වන විට තවත් කිහිප දෙනෙකු ම එයින් ඉවත් වී ඇත.

දැනට විශේෂ අංශයේ රඳවා සිටින රැදවියන් 25 දෙනෙකු ආහාර වර්ජනයට සහාය නොදී ආහාර ගැනීම සිදුකරන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. එම රැඳවියන් අතර පොට්ට නවුෆර්, සහරාන්, ආමි සම්පත්, කැවුමා ඇතුළු පිරිසක් සිටින බව බන්ධනාගාර ආරංචි මර්ග සදහන් කරයි.

මේ අතර, ආහාර වර්ජනයේ නිරතව සිටියදී හදිසියේ අසනීප වීමෙන් බුස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කරණු ලැබු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාට ප්‍රතිකාර කිරිමෙන් පසු යළි බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් ඇති බවද බන්ධනාගාර කාර්යාලය පවසයි.

මොහු ප්‍රතිකාර සදහා බුස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඊ.සි.ජි පරික්ෂණයට ලක් කිරිමෙන් පසු බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් තිබේ. මේ අතර පොඩි ලැසි, වෙලේ සුදා, නිරෝ , ඔස්ටින් ඇතුළු පිරිසක් තවමත් ආහාර වර්ජනයේ නිරතව සිටිති.

එමෙන්ම, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් සිදුකරන ආහාර වර්ජනයට බලපා ඇති එක් කරුණක් පිළිබඳ සලකා බැලිය හැකි බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන් හමුවීම තාවකාලිකව නවත්වා ඇති බවත් එය සියලූම බන්ධනාගාරවල දැනටමත් ක‍්‍රියාත්මක බවත් ය. පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සලකා බලා සෞඛ්‍ය අංශවල උපදෙස් මත සියලූම බන්ධනාගාරවල දැනට තාවකාලිකව නවත්වා ඇති රැදවියන්ට ඥාතීන් හමුවීම සදහා අවස්ථාව ලබා දීමට මේ වන විට අවධානය යොමුවී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන විශේෂ අංශයේ රදවා සිටින රැඳවියන් ඉකුත් 10 වැනිදා සිට ආහාර වර්ජනයක නිරතව සිටියි. කොරෝනා වසංගත සමයේ විශේෂ අංශයේ රදවා සිටින රැඳවියන් සදහා සිය ඥාතින් සමඟ දුරකථනයෙන් කථා කිරිම සඳහා එක් රැදවියකුට විනාඩි 5ක කාලයක් ලබා දි තිබුණි.

ඉරිදා හා බදාදා දින යන වල දින දෙකෙන් ඕනැම දිනයක මෙම රැඳවියන්ට එම අවස්ථාව හිමිව තිබිණි. කොරෝනා වසංගතය පහව යාමත් සමග විශේෂ අංශයේ රදවා සිටින රැඳවියන් බැලිම සදහා ඥාතීන්ට අවසර ලබා දීමත් සමඟ දුරකථන මගින් ඥාතින් සමග කථා කිරිම අවස්ථා නවතා දමනු ලැබිය.

යළි ඥාතීන් සමඟ දුරකථන මාර්ගයෙන් කථා කිරිමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලිම, ඇතුළු ඉල්ලිම් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලමින් මොවුන් ආහාර වර්ජනයේ නිරතව සිටිති.

Rivira FB Group Rivira Youtube
To Top