(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 13 පස්වරු 06.23ට)
වව්නියාව, පම්පමඩුව යුද හමුදා නිරෝධායන කඳවුරේ නිරෝධායනය වෙමින් සිටිය දී එම කඳවුරෙන් පැන ගොස් සිටි පුද්ගලයා සැප්තැම්බර් 12 වන දින සවස මන්නාරම දුම්රිය ස්ථානය අසලදී සොයා ගත් බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කරයි.
කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් වශයෙන් මන්නාරම් දුම්රිය ස්ථානය හා එහි කාර්ය මණ්ඩලයේ සියල්ලක්ම විෂබීජ හරණය කිරීමට පියවර ගත් බව මන්නාරම් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.
මෙම පුද්ගලයා කටාර් සිට පැමිණ පම්පමඩුව යුද හමුදා නිරෝධායන කඳවුරේ නිරෝධායනය වෙමින් සිටිය දී සැප්තැම්බර් 12 වන දින උදෑසන ඉන් පැන ගොස් තිබුණා. මොහු හලාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර එම පුද්ගලයා වැඩි දුර පරික්ෂණ කටයුුතු සඳහා කොළඹට රැගෙන ගිය බවට ද වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

