(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පෙරවරු 09.01ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 13 වන ඉරිදා පස්වරු 10.00 වන විට 3,234ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. සැප්තැම්බර් 13 වන දිනය තුළ නව ආසාදිතයින් 39ක් වාර්තා වී ඇති අතර සැප්තැම්බර් 01 වන දින ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වූ පසුව හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන ලෙස එය සටහන් වේ.
වාර්තා වූ ආසාදිතයින් අතරින් එක් අයෙක් රතු මුහුද ආශ්‍රිතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙක් වේ. තවත් එක් අයෙක් තායිලන්තයේ සිට පැමිණි යුක්රේන ජාතිකයෙකි. වාර්තා වූ අනෙක් ආසාදිතයින් අතරින් 6 දෙනෙකු කුවේට් සිට ද, දෙදෙනෙකු මාලදිවයිනේ සිට ද, එක් අයෙක් ඉතියෝපියාවේ සිට ද, 16 දෙනෙකු කටාර් සිට ද, 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණි පුද්ගලයින් වේ. මොවුන් සියලුදෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
එමෙන්ම, සැප්තැම්බර් 13 වන දිනය තුළ ආසාදිතයින්13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,996කි. සමස්ත ආසාදිතයින් අතුරින් 12 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 226ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

