,
News

ජනපති වියත්මගෙන් කළ ඉල්ලීම

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පෙරවරු 09.27ට)

රජයේ ඉදිරි ගමනට සහය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වියත්මග සංවිධානයෙන් ඉල්ලිමක් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදු කළේ, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු වියත්මග සභාපතිවරයා ලෙස සැප්තැම්බර් 13 වන දින පස්වරුවේ ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේ දී පළමුවරට සාමාජිකයන් හමුවෙමින් ය.

එහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, දේශපාලන අධිකාරිය මැදිහත් වියයුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත්මග සංවිධානය ඉදිරියේ පවතින බවයි. රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මඟපෙන්වීම් සිදුකිරීමට ද එම සංවිධානයට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග සංවිධානයේ සමාජිකයන් වෙත ප්‍රකාශ කර තිබේ.

සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයි ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

තවද, වියත්මග විධායක සභාවේ දී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ඇති ජනාධිපතිවරයා ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කර තිබේ. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top