(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පෙරවරු 11.50ට)
මධ්‍යම කඳුකරයේ ලෝක උරුම නකල්ස් කඳු පන්තියේ අධිරක්ෂිත කලාපයේ කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද අනවසර එළිපෙහෙළි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යොමුකර ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ පැවසුවේ සංරක්ෂිතයට වනාන්තරයට අදාළව නීති විරෝධී කටයුත්තක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.
පසුගියදා පරිසර නීති උල්ලංඝණය කරමින් නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 කට ආසන්න භූමි ප්‍රදේශයක් බැකෝ යන්ත්‍රයක් යොදා ඩෝසර් කරමින් සිටියදී එම වනාන්තර කොටස ඩෝසර් කිරීම වහාම අත්හිටුවීමට දිගන වන සංරක්‍ෂණ කාර්යාලය කටයුතු කළේ ය. පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එළවළු වගාවක් සඳහා එම එළිපෙහෙළි කිරීම සිදුව ඇති බවයි.
එළිපෙහෙළි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් එය පෞද්ගලික ඉඩමක් බව පවසා ඇතත් ඊට අදාළ ලිපිලේඛන කිසිවක් අදාළ ආයතන වෙත ඉදිරිපත් කර නොමැත. රක්ෂිතය තුළ ඇති පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තොරතුරු ඇතත් මෙම ඉඩම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් සඳහන් කරයි.

