(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පස්වරු 02.54ට)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂිත ගණයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනයේ නිරතව සිටි ඉතිරි රැඳවියන් 13 දෙනා ද ආහාර ලබා ගැනීම හේතුවෙන් එම වර්ජනය අවසන් වූ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරෙයි සුදා ඇතුළු ප්‍රකට අපරාධ කණ්ඩායම් සාමාජිකයින් ඇතුළු රැඳවියන් 45 දෙනෙකු පසුගිය සැප්තැම්බර් 10 වන පෙරවරුවේ සිට මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබුණි. එයින් කිහිපදෙනෙක් ඉකුත් දින කිහිපයේ දී ආහාර ගැනීමට යමින් වර්ජනයෙන් ඉවත් වූහ. සැප්තැම්බර් 14 උදෑසන වනවිට වර්ජනයේ යෙදෙමින් සිටියේ 13 දෙනෙකු පමණකි.
කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය සමයේ ඥාතීන් හමුවිමට නොහැකිවීම හේතුවෙන් ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම, රැඳවියන් හමුවට එන නීතිඥවරුන් පරික්ෂා කිරීම, විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන පරික්ෂාවන් ඇතුළු කරුණුවලට විරෝධය පළ කිරීම ඔවුන්ගේ වර්ජනයේ අරමුණ විය.
වැඩි දුර කියවන්න
- බූස්සේ ආහාර වර්ජනයේ යෙදෙන රැඳවියන් ගණන 20ට අඩු වෙයි
- ආහාර වර්ජනය කළ කංජිපානි ඉම්රාන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරයි

