දේශීය පුවත්

දිවුලපිටිය බුදුපිළිමයට අසුචි ගැසූ වරදකරුවන්ට වහාම දඬුවම් කරන්න – බුදුගල ජිනවංශ හිමි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පස්වරු 03.38ට)

ගම්පහ දිවුලපිටිය රෝහල අසල පිහිටි බුදු මැදුරට කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය මගින් දැන ගන්නට ලැබී ඇති බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් හෙළ බොදු සවියේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් පවසනවා.

2020.09.13 වන දින අලුයම් කාලයේ එම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරන බව පවසන ජිනවංහ හිමියන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දැන ගන්නට ලැබි ඇතත්, මෙවැනි සිදුවීම් සුළුවෙන් බැහැර නොහැකි බවයි.

එම ලිපියේ මෙසේ ද දැක්වේ.

“බුදු පිළිමයකට අසුචි ප්‍රහාරයක් එල්ල කිරිම දැඩි පිළිකුල් සහගත ක්‍රියාවකි. මෙවැනි ක්‍රියා කරන අශෝබන, අවිචාරවත්. නින්දා සහගත මිනිසුන් වෙනුවෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. 2018 දි අන්තවාදින් විසින් මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරිමෙන් පසුව ද එවකට සිටි බලධාරින් නිසි ක්‍රියාමාර්ග නොගැනිම නිසා පාස්කු ප්‍රහාරය වැනි දැඩි ප්‍රහාරයක් සිදු වුණු බව අප දන්නා කරුණකි.”

“පසුගිය පාලන කාලයේදී සිදුවූ ඇතැම් මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාජය අවධි කරන්නට ජාතිකවාදීන් බව තමන්ව හඳුන්වාගත් විවිධ කුඩා කල්ලි කණ්ඩායම් බිහිවි තිබිණි. එසේම ඒ කුඩා සංවිධානවලට විශාල මාධ්‍ය ආවරණයක් ද එකළ ලැබිණි. එම සංවිධාන අදවන විට අද ගොළු බිහිරන් බවට පත්ව තිබිමද කණගාටුව කරුණකි. ගරු ජනාධිපති තුමණි 69 ලක්ෂයක් ඔබතුමාට දෙවරක් ම විශ්වාස කර ජන්දය ලබා දි ඇත. එම නිසාත් රටේ සේනාධිනායකයා වශයෙනුත් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියත්මක කර වැරදි කරුවන්ට දඩුවම් ලබා දිමට කටයුතු කරනු ඇතැයි අප තරයේ විශ්වාස කර සිටිමු.” යැයි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියෙන් ජිනවංශ හිමියන් පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top