(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පස්වරු 4.56ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 14 වන සඳුදා පස්වරු 04.30 වන විට 3,235ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් එක් ආසාදිතයෙකු වාර්තා වී ඇති අතර ඒ ශ්‍රී ලංකාවේ 13 වැනි මරණය ලෙස වාර්තා වූ බහරේන් සිට පැමිණි නාවිකයෙකි. දිනය තුළ ආසාදිතයින් 09 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,005කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 217ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 56ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 92%ක් ලෙසත් මරණ අනුපාතය 0.40%ක් ලෙසත් වාර්තා වේ.
දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 09 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.
- IDH රෝහල – 03
- ඉරණවිල රෝහල – 06
මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 3,234 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- කන්දකාඩු කොරෝනා පොකුර – 630
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1273
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 48
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
- වෙනත් – 313 (දැනට අක්‍රීයයි)
ඒ අනුව, සැප්තැම්බර් 14 වන දින පෙරවරු 10.00 වන විට දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 217 අතුරින්,
- IDH රෝහල – 76
- වැලිකන්ද මූලික රෝහල – 94
- මුල්ලේරියාව මූලික රෝහල – 00
- ඉරණවිල මූලික රෝහල – 41
- කාත්තන්කුඩි මූලික රෝහල – 00
- හෝමාගම මූලික රෝහල – 00
- මිනුවන්ගොඩ මූලික රෝහල – 00
- යුද හමුදා රෝහල පනාගොඩ – 00
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 00
- තවත් රෝගීන් තිදෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 256,043ක් වන අතර සැප්තැම්බර් 13 දින පරීක්ෂණ 2,201ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.
