(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පස්වරු 06.48ට)
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජේවර්ධන තේරී පත් වී තිබෙනවා.
සැප්තැම්බර් 14 දින සිරිකොත පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීමේ දී සාමාජිකයන් අතර පැවත් වූ රහසිගත ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 18ක් ලබා ගනිමින් රුවන් විජේවර්ධන ජයග්‍රහණය කර තිබෙනවා.
රුවන් විජේවර්ධනට පක්ෂව ඡන්ද 28 ක් ලැබී ඇති අතර, එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ලබාගෙන ඇත්තේ ඡන්ද 10ක් පමණයි.
හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස එජාපය හැර යාම හේතුවෙන් පසුගිය ජූලි මාසයේ සිට නියෝජ්‍ය නායකධූරය පුරප්පාඩු වී තිබුණි.

