(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පස්වරු 11.15ට)
වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මඟින් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.
දේශගුණික විපර්යාසය නිසා ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් සිටී. මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම 6%කි. සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමඟ බලශක්ති ඉල්ලුම සීඝයෙන් ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත.
අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විඳීමට හැකි තිරසර සංවර්ධනයකට මඟ පාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සැප්තැම්බර් 14 වන සඳුදා දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දි ජනාධිපතිතුමා මේ බව පැවසීය.
ව්‍යාපෘතියකටට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු අතර, අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතු යැයි ජනාධිපතිතුමා අවධාරණය කළේ ය. යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14 ක දී පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජය ඉහළ ප්‍රමුඛත්වයක් දී තිබේ. ඊට අවශ්‍ය සහය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපතිතුමා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබීය.
ටෙන්ඩර් පටිපාටියෙන් තෝරා ගන්නා සියලු ව්‍යාපෘති තෙමසක දි ආරම්භ නොකලොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.
ප්‍රතිසංස්කරණයට යෝජිත වාරි ව්‍යාපෘති 5000 ආශ්‍රිතව සූර්ය බලශක්ති පැනල සවි කිරීමට ඇති හැකියාව , ආර්ථික හා පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පෙන්වා දුන්නේ ය. සූර්ය බලශක්ති ව්‍යාපෘති අදාළ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන්ට පමණක් දීමත්, ප්‍රතිලාභයෙන් යම් ප්‍රතිශතයක් ගොවි සමිති වෙත ප්‍රදානය කිරීමත් සුදුසු බව බැසිල් රාජපක්ෂ සඳහන් කළේ ය.
පාසල්, කර්මාන්තශාලා සහ රජයේ ගොඩනැගිලිවල වහලමත සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාවත්, ලැබෙන ලාභයෙන් කොටසක් අදාළ ආයතන වෙත දීමට ඇති හැකියාවත් කෙරෙහි අවධානය යොමු විය. මන්නාරම, පුනරීන් සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල සුළං බලාගාර ඉදිකිරිමෙන් ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතයක් එකතු කර ගැනීම ඉලක්කයකි.
සුළං හෝ සූර්ය බලශක්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට පෞද්ගලික ව්‍යවසායකයින්ට තිබෙන බාධා ඉවත් කර රජය සියලු දිරි ගැන්වීම් කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන ප්‍රධානිහු සහ බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

