,
Covid-19

ඊයේ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගනියි, සක්‍රීය ආසාදිතයින් ගණන 244ක් දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 15 පෙරවරු 10.46ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 14 වන සඳුදා පස්වරු 9.30 වන විට 3,262ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එමෙන්ම, සැප්තැම්බර් 14 වන දිනය තුළ නව ආසාදිතයින් 28ක් වාර්තා වී තිබෙනවා.

එම වාර්තා වූ ආසාදිතයින්ගෙන්, සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට ද, එක් අයෙක් වියට්නාමයේ සිට ද, එක් අයෙක් කටාර් සිට ද, එක් අයෙක් කුවේට් සිට ද, 11 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වේ. අනෙක් ආසාදිතයින්ගෙන් සිව් දෙනෙක් බහරේන් සිට පැමිණි නාවිකයින් ද, තවත් පස්දෙනෙකු ඉන්දියානු ජාතික නාවිකයින් ද වේ. අනෙක් පුද්ගලයා බහරේන් සිට පැමිණ හලාවත රෝහලේ දී මිය ගිය පුද්ගලයා ද වේ.

එමෙන්ම, සැප්තැම්බර් 14 වන දිනය තුළ ආසාදිතයින් 09 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,005කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 244ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top