(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 15 පස්වරු 01.16ට)
ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් යාපනය, කෝපායි පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔහු විසින්, අධිකරණ නියෝගයක් නොතකමින් හිටපු එල්.ටී.ටී. සාමාජිකයෙකු වන තීලීපන්ගේ 33 වන ගුණ සැමරුම සිහි කරමින් උරුම්පිරායි ප්‍රදේශයේ දී සැමරුමක් පැවැත්වීම හේතුවෙන් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
හිටපු මන්ත්‍රීවරයා විසින් යාපනය උරුම්පිරායි ප්‍රදේශයේ දි දිලීපන් නැමත්තාගේ රුව ඇතුලත් බැනරයක් ඉදිරිපිටදී පහන් දැල්වීමට ගත් උත්සහයකදී එම ස්ථානයට ගිය කෝපායි පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත්, මන්ත්‍රී වරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරන්නේ යැයි සැක පිට පොලිස් භාරයට ගෙන කෝපායි පොලිස් ස්ථානයට රැගෙනවිත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියා නොකරන ලෙසට අවවාද කොට මුදා හැරීමට පොලීසිය කටයුතු කිරීමට නියමිත බවත් වාර්තා වේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තා 1987 සැප්තම්බර් 15 වනදා ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව යාපනයේ දී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට සැප්තැම්බර් 26 වනදා මිය ගියේය.

