,
News

මධ්‍යම අධිවේගයේ කඩවත-මීරිගම ඉදි කිරීම් ඇරඹෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 15 පස්වරු 02.41ට)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටස ඉදිකිරීම සැප්තැම්බර් 15 අඟහරුවාදා පෙරවරුවේ ආරම්භ වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා කම්කරුවන් සඳහා සෘජු හා වක්‍ර රැකියා 1,500ක් පමණ බිහි වන බවයි.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස චීනයේ මෙටලර්ජිකල් කෝපරේෂන් කටයුතු කරන අතර චීනයේ එක්සිම් බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 989ක සහන ණයක් ලබා දී ඇති බව ද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මිරිගම කොටසේ දිග කිලෝමීටර් 36.54 ක් වන අතර මංතීරු හතරකින් සමන්විත වන මාර්ගයකි.

මාර්ගය ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය විසින් රුපියල් බිලියන 158 ක් ඇස්තමේන්තු කර ඇති අතර කඩවත සිට මීරිගම කොටස වසර 04 ක් තුළ නිම කිරීමට අපේක්ෂා කරන බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

Rivira Ads
To Top