ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

20 වන සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අගමැති අතට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 15 පස්වරු 04.16ට)

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ පත්කළ 9 දෙනෙකුගෙන් යුත් කමිටුව විසින් අදාළ වාර්තාව සැප්තැම්බර් 15 දින අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා වෙත බාර දී තිබෙනවා.

අගමැති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ කමිටුවෙන් 20 වන සංශෝධන කෙටුම්පතේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අගමැතිවරයා හමුවී කරුණු දැනුවත් කළ බවයි.

Rivira FB Group Rivira Youtube
To Top