,
Health

ස්නායු රෝග සඳහා මෙරට දී නිෂ්පාදනය කළ ඖෂධය වෙළඳපොළට නිකුත් කෙරේ

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 16 පස්වරු 04.45ට)

මාසයකට වතාවත් ආනයනික ඖෂධයක් මෙරට දී නිෂ්පාදනය කෙරෙන ‘අලුත් රටට – අලුත් බෙහෙත්’ යන වැඩසටහන යටතේ තවත් ඖෂධයක් සැප්තැම්බර් 16 වන දින වෙළඳපොලට නිකුත් කෙරිණ.

එලෙස නිපදවනු ලැබුවේ, ස්නායු රෝග සඳහා භාවිත කෙරෙන ‘ගැබාපෙන්ටින්’ නමැති ඖෂධයයි. එම ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී සැප්තැම්බර් 16 වන දින නිකුත් කිරීමට පියවර ගැනිණි.

මීට පෙර, මෙම ඖෂධය මෙරටට ගෙන්වීමට පුද්ගලික අංශය මඟින් රුපියල් මිලියන 50ක් සහ රාජ්‍ය අංශය මඟින් රුපියල් මිලියන 15ක් ලෙස වාර්ෂිකව රැපියල් මිලියන 65ක් ආනයනය සඳහා වැය වී තිබේ. ඒ අනුව, ඉදිරියේ දී මෙම ඖෂධය ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් අවශ්‍යතාවය සපුරාලීමට නියමිතයි.

එමෙන්ම,ගෙවුනු මාස 08 තුළ ආනයනය කරන ඖෂධ 15 කට අධික සංඛ්‍යාවක් දේශීයව නිෂ්පාදනය කර ඇති බවත් මෙම වැඩපිලිවෙළ යටතේ ඖෂධ අපනයනය කිරීමට ද සැලසුම් කර ඇති බවත් ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි සභාපති උත්පල ඉන්ද්‍රවංශ ප්‍රකාශ කරයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ දී ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ ප්‍රධානත්වයෙන් මෙම ඖෂධය වෙළඳපොළට නිකුත් කිරිමේ කටයුතු සිදු කෙරිණි.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top