කොවිඩ්-19

ඉන්දියාවේ ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි, රට තුළ කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 17 පස්වරු 12.59ට)

ඉන්දියාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා පස්වරු 12.00 වන විට 5,118,253ක් ලෙස සටහන් වන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා.

අවසන් පැය 24 තුළ නව ආසාදිතයින් 82,719ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 1,132 දෙනෙකු මරණයට පත් වී තිබෙනවා. එසේම ආසාදිතයින් 68,676ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 4,025,079කි. සමස්ත ආසාදිතයින් අතුරින් 83,230 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1009976ක් බව ද ඉන්දීය සෞඛ්‍ය අංශ කියා සිටිනවා.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 78.6%ක් ලෙසත් මරණ අනුපාතය 1.6%ක් ලෙසත් වාර්තා වේ.

එමෙන්ම මේ වන විට ඉන්දියාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 60,565,728ක් හෙවත් මිලියන 60ක් වන අතර ජනගහණය මිලියනයකට සාපේක්ෂව පරීක්ෂණ 43,797කට අධික ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. මුල් අවධියේ දී පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අතින් ඉන්දියාව ශ්‍රී ලංකාවටත් වඩා පිටුපසින් සිටි අතර මේ වන විට දෛනිකව ඉහළ පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කිරීමට ඉන්දියාව පියවරගෙන තිබෙනවා.

ඉන්දියානු වෛද්‍ය සංගමයේ (අයිඑම්ඒ) මූලස්ථානය විසින් බදාදා නිකුත් කළ දත්ත වලට අනුව තමිල්නාඩුවේ පමණක් කොවිඩ්-19 රෝගය වැළඳීමෙන් වෛද්‍යවරුන් හැට තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.

කොවිඩ්-19 ආසාදනයෙන් ඉන්දියාවේ මිය ගොස් ඇති සමස්ත වෛද්‍යවරුන් සංඛ්‍යාව 382ක් බව ද ඉන්දීය වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

මේ අතර ඉන්දිය පාර්ලිමේන්තුවේ ලොක් සභා හා රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් 29 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 50 පමණ පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇතැම් මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් කරමින් පෙන්වූ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පමණක් මේ වන විට ආසාදිතයින් 117,863ක් වාර්තා වී ඇති අතර අවසන් පැය 24 තුළ පමණක් වාර්තා වී ඇති නව ආසාදිතයින් ගණන 3,830කි. සමස්ත ආසාදිතයින් අතරින් මෙතෙක් සුවය ලබා ඇත්තේ 84,604ක් පමණක් වන අතර සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 32,709කි. එම ප්‍රාන්තය තුළ පමණක් මිය ගිය පිරිස 480ක් වන අතර අවසන් පැය 24 තුළ පමණක් මරණ 14ක් වාර්තා වී තිබෙනවා.

ජූලි 24 දින වන විට ඉන්දියාවේ තත්වය මෙතැනින් කියවන්න ආසාදිතයින් ලක්ෂ 13යි, මරණ 30,000යි

Rivira FB Group Rivira Youtube
To Top