දේශීය පුවත්

ගිනිගත් තෙල් නැවේ කපිතාන්ට නොතීසි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 17 පස්වරු 04.20ට)

ශ්‍රී ලංකාවේ සංගමන්කන්දට නාවික සැතපුම් 38 ආසන්න මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාවේ කපිතාන් ලෙස කටයුතු කළ ග්‍රීක ජාතික තිරෝස් හිලියාස් නමැත්තාට සැප්තැම්බර් 28 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ ය.

සැප්තැම්බර් 17 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ නඩුව කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා අදාළ කපිතාන්වරයාට පෙනී සිටින ලෙස නියම කරමින් නොතීසි නිකුත් කිරීම සිදු කළේය.

අදාළ සිදුවීම පිළිබඳ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් කරුණු දැක්වීමෙන් අනතුරුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළේ ය. මේ වන විට අදාළ කපිතාන්වරයා නාවික හමුදාව බාරයේ ගාල්ල ප්‍රදේශයේ අනිවාර්ය නිරෝධායනයට ලක් තිබෙන අතර එම නිරෝධායන කාල සීමාව අවසන් වූ පසු අධිකරණයට කැඳවීමට ද කටයුතු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top