දේශීය පුවත්

බස් සමග එක මං තීරුවට සීමා කළ ත්‍රී රෝද රථ හා යතුරුපැදි ගැන තීරණය වෙනස් කරයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 18 පෙරවරු 09.31ට)

මංතීරු නීතිය යටතේ බස් රථ මාර්ගයේ වම් පස කෙළවරේම මං තීරුව භාවිතා කිරීම අනිවාර්ය කළ අතර පසුව ත්‍රී රෝද රථ හා යතුරු පැදි ද එම තීරුවට සීමා කිරීමට පොලීසිය තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් නියමු ව්‍යාපෘතියක් ලෙස එය දියත් කර ඒ පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලය හා පොලීසිය කළ අධ්‍යනය පදනම් කර ගනිමින් එම තීරණය වෙනස් කිරීමට පොලීසිය මේ වන විට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 18 සිට අනෙක් මං තීරුවල තදබදයක් නොමැති අවස්ථාවලදී ත්‍රීරෝද රථ හා යතුරු පැදිවලට එම මං තීරු භාවිතා කිරීමට ඉඩ ලබා දීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top