කොවිඩ්-19

කොරෝනා වෛරසයේ පැතිරීමෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 සහ ලෝක තත්වය (සැප් 18)

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 18 පස්වරු 02.52ට)

කොවිඩ්-19 ලෝක වසංගත තත්වය හේතුවෙන් සැප්තැම්බර් 18 පස්වරු 2 වන විට ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 216ක ආසාදිතයින් 30,351,723ක් හෙවත් මිලියන 30කට අධික පිරිසක් වාර්තා වන අතර ඉන් 950,557 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුවය ලබා ඇති ප්‍රමාණය 22,041,437ක් හෙවත් මිලියන 22කි. ඒ අනුව සක්‍රීය ආසාදිතයින් 7,359,729ක් හෙවත් මිලියන 7.3ක් ලොව පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

මේ වන විට ලෝකය පුරා කොවිඩ්-19 හේතුවෙන් වාර්තා වූ,

  • මරණ අනුපාතය – 3.1%
  • සුව වූ පිරිසේ අනුපාතය – 72.62%

මේ වන විට සමස්ත ආසාදිතයින් ප්‍රමාණය අතින් රටවල් 4ක ආසාදිතයින් ප්‍රමාණය 1,000,000ක් හෙවත් මිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇති අතර පිළිවෙලින් ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව යන රටවල් ඒ අතර සිටී.

එමෙන්ම ඉහත රටවල් හැරුණුකොට ආසාදිතයින් 500,000 ඉක්මවා ගිය රටවල් 6ක් ඇති අතර පිළිවෙලින් පේරු, කොලොම්බියා, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය හා ආජන්ටිනාව සිටී.

එමෙන්ම රටවල් 16ක මරණ 10,000 සීමාව ඉක්මවා තිබෙනවා. කෙටි කාලයක් ඇතුළත වෛරසයට වේගයන් ගොදුරු වෙමින් ලැයිස්තුවේ ඉහළට පැමිණි රටවල් කිහිපයක්ම තිබෙනවා. කොලොම්බියාව, ආජන්ටිනාව, ඉක්වදෝරය වැනි රටවල් තිබෙනවා.

ලොව වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රටවල් 10 තත්වය කෙටියෙන් මෙසේය.

1. ඇමරිකාවේ තත්වය

වෛරසයෙන් මේ වන විටත් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එහි ආසාදිතයින් ප්‍රමාණය 6,874,596ක් හෙවත් මිලියන 6.8ක් වන අතර ඉන් 202,213 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. වෛරසය හේතුවෙන් රටක් තුළ වැඩිම මරණ වී ඇත්තේ ඇමරිකාව තුළයි. ඇමරිකාවේ සුවය ලබා ඇති පිරිස 4,155,039ක් හෙවත් මිලියන 4.1කි. සක්‍රීය ආසාදිතයින් 2,517,344ක් හෙවත් මිලියන 2.5කට වැඩි පිරිසක් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 20,743ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 610කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 287,354ක් පමණ වේ. රට තුළ සිදුකර ඇති සමස්ත කොරෝනා පරීක්ෂණ ගණන මිලියන 95කට අධිකයි.

2. ඉන්දියාවේ තත්වය

කෙටි කාලයක් තුළ ආසාදිතයින් ගණන වැඩි වීමත් සමග ලොව දෙවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්‍රමාණයක් 5,214,677ක් හෙවත් මිලියන 5.2ක් වේ. මැයි 17 වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 91,314ක් වන අතර ජුනි 28 දින වන විට එම ප්‍රමාණය 530,993ක් විය. මේ වන විට එම ප්‍රමාණය 10 ගුණයකින් ඉහළ ගොස් ඇත. සමස්ත ආසාදිතයින් අතරින් 84,404ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 4,112,551ක් සුවය ලබා ඇති අතර 1,017,722ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 3,771ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 61කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය මිලියන 61ක් පමණ වන අතර ජනගහණය මිලියනයකට සාපේක්ෂව 44,524ක් පමණ ප්‍රමාණයකි.

3. බ්‍රසීලයේ තත්වය

කෙටි කාලයක් තුළ වැඩිම ආසාදිතයින් ඉහළ යමින් තිබූ බ්‍රසීලය මේ වන විට තෙවැනි ස්ථානයේ පසුවන රට බවට පත්ව ඇත. මේ වන විට ආසාදිතයින් 4,457,443ක් හෙවත් මිලියන 4.4ක් වාර්තා වී ඇති අතර ඉන් 135,031ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 3,753,082ක් සුවය ලබා ඇති අතර 569,330ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 20,938ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 634කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 68,666ක් පමණ වේ.

4. රුසියාවේ තත්වය

ලොව සිව්වන වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ රුසියාවයි. මේ වන විට සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 1,085,281ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19,061ක් වේ. මේ වන විට 895,868ක් සුවය ලබා ඇති අතර 170,352ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 7,436ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 131කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 286,053ක් පමණ වේ. සමස්ත පරීක්ෂන මිලියන 41ක් සිදුකර ඇත.

5. පේරු තත්වය

කෙටි කාලයක් තුළ ආසාදිතයින් වාර්තා කරමින් ලොව පස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා කරන්නේ පේරු රාජ්‍යයෙන් වන අතර එම ප්‍රමාණය 750,098ක් වේ. ඒ අතරින් 31,146ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 594,513ක් සුවය ලබා ඇති අතර 124,439ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 22,683ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 942කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 109,309ක් පමණ වේ.

6. කොලොම්බියාවේ තත්වය

කෙටිකලකදී වෛරයට ගොදුරු වෙමින් ලොව හයවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොලොම්බියාවෙන් වන අතර එම ප්‍රමාණය 743,945කි. ඉන් 23,665ක් මරණයට පත්ව තිබේ. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 14,588ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 464කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 64,677ක් පමණ ඉහළ අගයක් ගනී.

7. මෙක්සිකෝවේ තත්වය

ලොව හත්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ මෙක්සිකෝවයි. මේ වන විට එහි ආසාදිතයින් 684,113ක් වාර්තා වී ඇති අතර ඉන් 72,179ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 488,416ක් සුවය ලබා ඇති අතර 123,518ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 5,294ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 559කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 11,992ක් පමණ වේ.

8. දකුණු අප්‍රිකාවේ තත්වය

කෙටිකලකදී වෛරයට ගොදුරු වෙමින් ලොව අටවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකාව යි. මේ වන විට දකුණු අප්‍රිකාවේ සමස්ත ආසාදිතයින් 655,572ක් වාර්තා වී ඇති අතර ඉන් 15,772ක් මියගොස් තිබෙනවා. ආසාදිතයින් 585,303ක් සුවය ලබා ඇති අතර 54,497ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 11,024ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 265කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 66,987ක් පමණ වේ.

9. ස්පාඤ්ඤයේ තත්වය

ලොව නවවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි. මේ වන විට ආසාදිතයින් 625,651ක් වාර්තා වී ඇති අතර ඉන් 30,405 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 13,380ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 650කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 230,050ක් පමණ වේ.

10. ආජන්ටිනාවේ තත්වය

කෙටිකලකදී වෛරයට ගොදුරු වෙමින් ලොව දසවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ආජන්ටිනාවෙනි. එම ප්‍රමාණය 601,713ක් වේ. ඒ අතරින් 12,460 ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 456,347ක් සුවය ලබා ඇති අතර 132,906ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 13,287ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 275කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 36,516ක් පමණ වේ.

ජූනි 28 දින වන විට සහ මැයි 31 දින වන විට තත්වය පහළින් බලන්න.

Rivira FB Group Rivira Youtube
To Top