දේශීය පුවත්

මංතීරු නීතියට විරෝධය පා බස් ධාවනයෙන් ඉවත් වීමේ තීරණයක්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 18 පස්වරු 04.41ට)

කොළඹ මාර්ගවල ඇති දැඩි රථවාහන තදබදයට එක් විසඳුමක් ලෙස නැවත ක්‍රියාත්මක කිරීමට නියමිත මං තීරු නීතිය සැප්තැම්බර් 21 දින සිට විධිමත් ව ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළා.

මේ අතර මං තීරු නීතියට විරෝධය පළ කරමින් සැප්තැම්බර් 21 සඳුදා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට කොළඹ බස් රථ රියදුරන් තීරණය කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ බස් ප්‍රමුඛතා මංතීරුව අහෝසි කර කාර් ප්‍රමඛතා මං තීරුවක් නිර්මාණය කර ඇති බවයි.

ඊට විරෝධය පළ කරමින් මෙලෙස බස්රථ ධාවනයෙන් ඉවත්වීමට කොළඹ බස්රථ රියදුරන් තීරණය කර ඇති බව ඔහු සඳහන් කළා. එසේම මෙම මංතීරු නීතිය හේතුවෙන් බස් කර්මාන්තය අර්බුධකාරී තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළ ගැමුණු විජේරත්න කියා සිටියේ මීට ඉක්මන් විසඳුමක් ලබා නොදුන්නොත් අඛණ්ඩ වර්ජනයක් දක්වා වුවත් යාමට තීරණය කර ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top