ක්‍රීඩා

අයි.පී.එල් තරඟාවලිය ඇරඹේ

Photo-IPL Twitter

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 19 පෙරවරු 11.40ට)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලය සැප්තැම්බර් 19 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද ඉන්දියාවේ මේ වන විට දරුණු ලෙස කොරෝනා වෛරසය පැතිරිම හේතුවෙන් එය නරඹන්නන්ගෙන් තොරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.

තරඟාවලියේ පළමු තරඟය ලෙස වත්මන් ශූරයින් වන රෝහිත් ෂර්මා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පසුගිය වර අනුශූරයින් වූ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අබුඩාබි හිදි සැප්තැම්බර් 19 ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.30ට ආරම්භ විමට නියමිතයි.

දින 52ක් පුරා පැවැත්වෙන තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්විමට කටයුතු යොදා තිබුණ ද අවසන් වටයේ තරග පැවැත්වෙන දින වකවානු මෙතෙක් අයි පී එල් තරග සංවිධායකයින් විසින් ප‍්‍රකාශයට පත්කර නැහැ.

මේ අතර, මෙවර අයි පී එල් තරගාවලියේ එකම ශ‍්‍රී ලංකා නියෝජනය වන්නේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඉසුරු උදානයි. ඔහු මෙවර විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරයි. එහිදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ඉසුරු උදානව මිලදී ගත්තේ ඉන්දිය රුපියල් ලක්ෂ 50කටයි.

ලසිත් මාලිංග පෞද්ගලික කරුණක් හේතුවෙන් මෙවර අයි පී එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය නොකිරීමට තීරණය කර තිබෙනවා. මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මුත්තයි මුරලිදරන් ඬේවිඞ් වෝර්නර් නායකත්වය දරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙ පන්දු යැවීම් පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top